FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය විශ්වාසභංගයට පක්ෂ වෙයි

 

(ෆාස්ට නිව්ස් – කොළඹ) –  ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දිය යුතු බවට මෙම තීරණය ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්වී තීරණය ගෙන ඇති බව එම පක්ෂය කියයි.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙදින විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ආරම්භ වු අතර අද (11) එම විවාදයේ දෙවන දිනය වන අතර ඊට අදාළ ඡන්ද විමසීමද සිදු කෙරේ.