FAST NEWS

24×7 Around the Globe

සාෆි 25 වැනිදා දක්වා රිමාන්ඩ් කෙරේ (Update)

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සාෆි ශියාබ්දීන් මහතා  ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ අද (11) නියෝග කළේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වෛද්‍යවරයාව රඳවාගෙන තබා ගත්තද එම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි මේ වන තෙක් අනාවරණය වී නැති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම වෛද්‍යවරයාගේ  සිසේරියන් සැත්කම්වලට භාජනය වීමෙන් අනතුරුව තවමත් දරුවෙකු පිළිසිඳ නොගත් බවට පැමිණිලි කළ මව්වරුන්  143 දෙනකු  එස්එච්ජී පරීක්ෂණයට ලක් කිරීමට අවසර ලබා දෙන ලෙස  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 


සාෆි‍ගේ නඩු කටයුතු පස්වරු 01 දක්වා කල් තැබේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා අද ( 11) අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු කටයුතු පස්වරු 01 දක්වා කල් තැබිමට අධිකරණය නියම කර තිබේ.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා නොමැතිවීම හේතුවෙන් මෙම කල්තැබිම සිදු කර ඇත.

ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක පෙනී සිටින බැවින් නඩුව කල් තබන ලෙස අගතියට පාර්ශවයෙන් කළ ඉල්ලීමකට අනුව සවස 01 දක්වා නඩුව කල් තැබිමට මහෙස්ත්‍රාත් නියෝගය කර තිබේ.

කුරුණෑගල අධිකරණය තුළ හා පිටත විශේෂ ආරක්ෂාවක් යොදා ඇති බව අප වාර්තාකරු කියයි.