FAST NEWS

24×7 Around the Globe

පොලිස් ලොක්කෝ කිහිපයක් හෙට (12) තේරිම් කාරක සභාව හමුවට

 

(‍ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට හෙට (12) පෙරවරු 10 ට යළි රැස්විමට නියමිතව තිබේ.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර,ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර හා රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන හෙට තේරිම් කාරක සභාව හමුවේ පෙනි සිටිමට නියමිතයි.