FAST NEWS

24×7 Around the Globe

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා බඳවා ගැනිම සැප්තැම්බර් මුල

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් සඳා සිසුන් 4000 බැගින් වන කණ්ඩායම් දෙකක් (සිසුන් 8000ක්) සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන විවිධ පාඨමාලා සඳහා බඳවා ගැනීම එළඹෙන සැප්තැම්බර් මාසයේ මුල් සතිය තුළ සිදුකිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2016 සහ 2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරෙහි පවතින බව සඳහන්