(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත්‍ර කමිටුව අද (10) පස්වරු 6.00 ට මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී රැස්වීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කෙරෙනු ඇත.
පසුගිය 10 වනදා සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දැමීය.








