FAST NEWS

24×7 Around the Globe

ෂකිබ් හා තවත් ක්‍රීඩකයෙන් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවතට

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ශ්‍රී ලංකාව සමඟ ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමීත එක්දින තරග සංචාරයට සහභාගි නොවනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කියයි.

පසුගිය සමයේදී ඔහු අධික තරග ප්‍රමාණයකට සහභාගිවීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඔවුන් විවේක ගැන්වීමට තීරණය කර තිබේ..

මේ අතර බංග්ලාදේශ මැදපෙළ පිතිකරු ලිටන් දාස්ද ඔහුගේ විවාහ හේතුවෙන් මෙම තරගාවලියට සහභාගිවීම අවිනිශ්චිත වී ඇති බව කියැවේ.

එක්දින තරග තරග 03කින් පමණක් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග ත්‍රිත්වය ජූලි 26 , 28 හා 31 යන දිනවලදී පැවැත්වේ.

තරගාවලියේ සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.