FAST NEWS

24×7 Around the Globe

යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු පිළිබඳ සම්බන්ධිකාරක දිවයිනට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු පිළිබද සම්බන්ධිකාරක ජීල් ද කෙයෂොව් සංචාරයක් සදහා හෙට (11) දිවයිනට පැමිණෙන බව කොළඹ පිහිටි යුරෝපා සංගම් කාර්යාලය නිවේදනය කර සිටියි.

මෙම සංචාරය අතරතුරදී ඔහු රජයේ, විපක්ෂයේ සහ ආරක්ෂක අංශවල ප්‍රධානීන් මුණ ගැසී සාකච්ඡා පැවැත්විමට නියමීතව තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයෙන් පසු යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත කටයුතු පිළිබද සම්බන්ධීකාරක ජීල් ද කෙයෂොව් මාලදිවයිනට පිටත්ව යෑම නියමීත බව පැවසේ.

රටවල් දෙකෙහි ආරක්ෂාව තර කිරීමේ උත්සාහයන්ට සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සදහා පසුබිමක් නිර්මාණය කිරීම ඔහුගේ මෙම සංචාරවල අරමුණ බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.