(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කළ ප්‍රකාශයකට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සිය විරෝධය පළ කර ඇත.
අමෙරිකානු නීතීඥ සංගමයේ ශාඛාවක් හෝ ඊට අනුබද්ධ වෙනත් කිසිදු ආයතනයක් මෙරට තුළ පිහිටුවීමට තමා කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවත් එම ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරිය සඳහන් කරයි.









