FAST NEWS

24×7 Around the Globe

රතුපස්වල නඩුවට නීතිපතිවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා නිලධාරින්ට එරෙහි නඩුව විභාග කිරීම සදහාල, ත්‍රිපුද්ගල ‍ශ්‍රේෂ්ඨ‍ාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා අද (10) අගවිනිසුවරයාගෙන් ඉල්ලා ඇති බව අප අධිකරණ වාර්තාකරු කියයි.

2013 වසරේ අගෝස්තු 01 වැනිදා පානීය ජල ප්‍රශ්නයක් මුල් කර ගනිමින් වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන්ගේ උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල වූ අතර සිද්ධියෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.