(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය සඳහා වන කමිටුව අද (10) දිනයේ රැස්විමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
පසුගිය මාසයේ මීල සංශෝධනයේදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දැමුණූ අතර සෙසු ඉන්ධන වර්ගයන්හි මීල ඉහළ නොදැමීමට තීරණ විය.
ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල පසුගිය මස 10 වනදා වන විට අමරිකානු ඩොලර් 62 ක අගයක පැවති අතර ඊයේ (09) දිනය වන විට එම අගය අමරිකානු ඩොලර් 64 යි ශත 72 ක් ලෙස සටහන් විය.






