(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිදුකල කැදවීමට අනුව අද (10) දිනයේ එහි පෙනී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය.
ඒ අනුව අද (10) පස්වරු 02 ට රැස්විමට නියමීත එම කාරක සභාව හමුවේ ඔහු පෙනි සිටිනු ඇත.
මීන් පෙර අවස්ථාවකදී තේරිම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී තිබුණද ඔහු ඒ සදහා පැමිණ සිටියේ නොමැත.
ඒ අනුව අද දිනයේදී ඔහු යලි කැඳවීමට තේරිම් කාරක සභාවේ සාමාජිකයෝ තීරණය කළහ.








