(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕමානයේ සේවයේ නියුතු ශ්රී ලාංකිකයින් හට ඕමාන් තානාපති කාර්යාලය මගින් ගාස්තු රහිත දුරකතන සම්බන්ධතාවයක් හදුන්වා දීමට කටයුතු කර ඇත.
80007877 යන මෙම දුරකතන අංකයට ලබාගන්නා ඇමතුම් සඳහා එම පහසුකම වලංගු වන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙසේ ගාස්තු රහිත දුරකතන පහසුකම් ලබාදීම හරහා අදාළ ශ්රී ලාංකිකයින් හට තම සේවා ස්ථානයේ පැන නගින ගැටළු සම්බන්ධයෙන් වන පැමිණිලි ඕනෑම අවස්ථාවක යොමු කිරීමේ හැකියාව පවතින බවද එම කාර්යාංශය සදහන් කරයි.








