(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර තත්වයක් වර්ධනය වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත්, 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දිවයිනේ සෙසු ප්රදේශවලද පස්වරුවේ වැසි ඇති වීමේ හැකියාව පවතියි.
මාස 06 කට අධික කාලයක් පොළොන්නරුවට පැවති වියලි කාලගුණ තත්ත්වය නිමා කරමින් වැලිකන්ද ප්‍රදේශයට සහ ඒ අවට ගම්මාන කිහිපයකට ඊයේ පස්වරුවේ අයිස් වැස්සක් ඇද හැලී ඇති බව ද වාර්තා වෙයි.








