FAST NEWS

24×7 Around the Globe

අගමැති හා මැ.කො සභාපති අතර හමුවක්

 

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) -අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පවත්වා තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමුකර ඇතිබව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

පවතින තත්ත්වය හමුවේ ඉල්ලා අස්වීම යෝග්‍ය නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බලපෑමක් වනු ඇති බවයි අවධාරණය කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ ධුරයෙන් ඉල්ලා අස් නොවී මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බම කියැවේ.