FAST NEWS

24×7 Around the Globe

නව කැබිවට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු අද දිව්රති.

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම අද සිදු කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද පස්වරු 2.00 ට එම දිවුරුම් දීම සිදු කෙරෙන බව ය.

නව රජයේ කැබිනට් අමාත්‍යවරු මිට පෙර දිවුරුම් දෙනු ලැබූහ.

අද දිනයේ තව ත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද දිවුරුම් දෙනු ඇති.

කැබිනට් අමාත්‍යවරුන් 48 දෙනෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය.

කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකු පත් කිරීම සඳහා ද පසුගියදා පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබා ගත්තේ ය.

ඒ අනුව අදාළ පත් කිරිම් සිදු කෙරෙනු ඇති.