(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන ඇති අතර එම මණ්ඩලය පළමු වරට අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා මෙහි සභාපතීත්වයට පත් කර තිබේ.
මෙම වෘත්තික උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැව්, නීතිඥ ජාවිඩ් යුසුෆ්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාඝවන්, යන මහත්වරුන් පත්ව තිබේ.
තම අදහස් සහ යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙම උපදේශක මණ්ඩලය සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහි පළමු රැස්විමේදි ප්‍රකාශ කළ බවද ජනාධිපති මාධ්‍ය ඒකය පවසයි.








