FAST NEWS

24×7 Around the Globe

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටුවෙන්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ)  – කොළඹ ප්‍රදේශයේ පවතින මාර්ග තදබදය අවම කිරීම සදහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකා නාවුක හමුදාව මගින් නිමානය කළ වායුසමනය කළ මගී ප‍්‍රවාහන බෝට්ටුවේ ප‍්‍රථම නිරීක්ෂණ චාරිකාව මහනගර ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම බෝට්ටු සේවාව ඇරඹීමත් සමග කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා විනාඩි පහළොවකටත් වඩා අඩු කාලයකින් ගමන් කිරීමේ හැකියාව පවතියි.

Image result for කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක්