(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (09) දිනය තුල විදුලි කප්පාදුවක් සිදුකිරිමට අපේක්ෂා නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සැපයිමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග මුලික එකඟතාවක් ඇති කරගත් බවද හෙතෙම පැවසීය.
මුදල් අමාත්‍යංශය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛණිජ තෙල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර මෙම එකඟතාවට පැමිණි බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.








