FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීම සදහා කැබිනට් අනුමැතිය

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය බලතල හා පාලනයට යටත්ව මෙය සිදුකරනු ඇත.

බන්ධනාගාරයේ එළදායි පරිපාලනය හා විනය පවත්වාගෙන යාම සදහා මෙම බුද්ධි ඒකකය ස්ථාපිත කිරීමට නියමිතයි.

මෙම යෝජනාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරාල මහත්මිය විසින් යෝජනා කරනු ලැබීය.