FAST NEWS

24×7 Around the Globe

සම්බන්ධන්ව රෝහල් ගත කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් හදිසියේම රෝගාතුර වීම නිසා රෝහල් ගත කර ඇති බව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පැවසීය.

ඊයේ (08) දිනයේදී ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවත් , රෝහල් ගත කිරීමෙන් පසුව ඔහුගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කීපයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් ඔහුට පැය කීපයක් රෝහල් ගතව සිටින්නට සිදුවන බවද පෞද්ගලික ලේකම්වරයා පැවසුව්ය.

ඔහුගේ අසනීප තත්ත්වය එතරම් අසාධ්‍ය නොවන බවද පෞද්ගලික ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.