(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුමේ දී ඊයේ (07) පෙරවරු 06 සිට අද (08) පෙරවරු 06 දක්වා පැය 24 තුළදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ ජූලි 05 වනදායි. ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 1216 ක් බව පොලීසිය සදහන් කරයි.








