FAST NEWS

24×7 Around the Globe

සංචාරකයන් නොමැතිකමින් හෝටල් 10 ක් වැසෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංචාරකයින්ගේ පැමිණීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් හෝටල් 10 කට ආසන්න සංඛ්‍යාවක් වසා දමා ඇති බව ශ්‍රී ලංකා හෝටල් සංගමය පවසයි.

සමහර හෝටල් වසා දමා තම කාර්ය මණ්ඩලයට දිගටම වැටුප් ගෙවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද එහි සභාපති සනත් උක්වත්ත මහතා කියා සිටියේය.

කැනඩාව, එක්සත් රාජධානිය වැනි රටවලින් සංචාරකයින් පැමිණියද, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් වන අතර හෝටල්වලින් ලැබෙන වට්ටම් ඉහලයාම නිසා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඔහු පවසයි.

අවම මිල ගණන් යටතේ හෝටල් පවත්වාගෙන යාමට නොහැකි බවත් , හෝටල් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට ආහාර සපයන අතර බොහෝ හෝටල් නොමිලේ ආහාර ලබා දීමට නොහැකි බැවින් නිවසේ රැඳී සිටින ලෙස කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.