(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඊයේ (07) දිනයේ අත්අඩංගුවට ගත් මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු ජූලි 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වෙයි.
පසුගිය මාර්තු මස 23 වනදා කටාන පොලීසිය වෙත ඔහුට එරෙහිව පැමිණිල්ල ලැබී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද ද සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.








