(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානය කරන ලද පී – 625 නෞකාව මේ වනවිට කොළඹ වරාය වෙත ළඟා වී තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම නෞකාව ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර ඇති අතර , ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීමේ නෞකාවක් වන මෙහි අධිතාක්ෂණික උපාංග රැසකින් ද සමන්විත වේ.
එම නෞකාව නිල වශයෙන් මෙරට භාර කිරීමේ උත්සවය අද පැවැත්වෙන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.






