(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ‘‘පාද සටන’’විරෝධතා පාගමන අද මොරටුවේ සිට නුගේගොඩ දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.
ඊයේ (07) දිනයේ කළුතරින් ගමන් ඇරඹූ මෙම පාගමන මොරටුව නගරයෙන් නිමාවට පත්විය.
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනවට සමගාමීව සංවිධානය කරන මෙම විරෝධතා පා ගමන අද නුගේගොඩ දක්වා පැමිණ පස්වරු 3.00 ට විරෝධතා රැළියක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.








