(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි තෙන්නකොන් මහතාට පහර දිමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බුද්ධි අංශ කොස්තාපල්වරයාව ජුලි 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය.
මාධ්‍යවේදී උපාලිට පහරදිමේ සිද්ධියකට අදාළව බුද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියකට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
උපාලි තෙන්නකෝන් මහතා ගමන් ගත් වාහනයේ ඇගිලි සළකුණු සමඟ මෙම නිලධාරියාගේ ඇගිලි සළකුණු ගැලපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර ගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ඒ අනුව මෙම සැකකරු අද (08) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.








