FAST NEWS

24×7 Around the Globe

”ප‍්‍රශස්ථ සේවා ඇගයීම් සහතික ප‍්‍රදානය”අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට කැපවූවන් අගය කරමින් සිදුකරනු ලබන ”ප‍්‍රශස්ථ සේවා ඇගයීම් සහතික ප‍්‍රදානය” කිරීම අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශ පරිශ‍්‍රයේදී සිදුකිරීමට නියමිතය.

මොරගහකන්ද ප‍්‍රතිලාභ රටටම හිමිවන සෙසු ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනපතිගෙන් නිලධාරින්ට මේ අතර උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ජලය ඉල්ලා හැඬු රජ රට ගොවි ජනතාවගේ කඳුළු කතාව නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුවන තවත් සුවිශේෂී වාරි ව්‍යාපෘතින් ලෙස වයඹ ඇළ, මිනිපේ ඇළ සහ උතුරු මැද මහ ඇළ හෙවත් ඉහළ ඇලහැර ඇළ සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

2007 වසරේ ආරම්භ කළ මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ උතුරු මැද නැගෙනහිර හා මධ්‍යම පළාත්වල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදී එම පළාත්වල සියලු කුඹුරු යල මහ අස්වැද්දීමට අවශ්‍ය වාරි ජලය සැපයීමයි.

වර්තමානය වනවිට මෙම ව්‍යාපෘතියට වයඹ ඇළ ව්‍යාපෘතිය ද ඇතුළත්ව තිබෙන අතර වෑමැඩිල්ල වැව ජලාශය ඇතුළු වයඹ වැව් පෝෂණය කරන මෙම ව්‍යාපෘතිය මගින් වයඹ පළාතේ ලොකු කුඩා වැව් 303 කට ජලය ලබාදීම සිදු කෙරේ.