(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් ලබන සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර නිකුත් කර අවසන් කරන බව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් තුන් ලක්ෂ පනස් දහසකට පමණ ජාතික හැඳුනුම්පත් නිකුත් කර ඇති බවත්, ඒ අනුව මේ වනවිටත් ඊට සාපේක්ෂව 90%ක් පමණ අයදුම්පත් ලැබී බව එ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම පසුගිය සිකුරාදා (05) දිනයේ බිඳ වැටුණූ අද (08) සිට එක්දින සේවයද ඇතුළු හැඳුනුම්පත් නිකුත් කිරීමේ සියලු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාවට නංවන බවද ගුණතිලක මහතා සඳහන් කළේය.








