FAST NEWS

24×7 Around the Globe

කෝටි 04 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ග්‍රෑම් 623 ක් සමග ලාඕස් ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 04 ක් පමණක් වන අතර , සැකකරු මැලේසියාවේ ක්වාලාලාම්පුර් නගරයේ සිට ඊයේ රාත්‍රී 12.10 ට පමණ මෙරටට පැමිණ ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය සූක්ෂමව ඔහුගේ ගමන් මල්ලේ සගවාගෙනයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

සැකකරු අද (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.