(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයිනට බලපා ඇති උෂ්ණාධික කාළගුණ තත්ත්වය ඉදිරියේදී වෙනස් විය හැකි බවත්, හෙට (09) දිනයේ සිට එම වෙනස අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (08) දිනයේදී සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් පෙරවරු කාලයේදී අපේක්ෂා කරයි.
මීට අමතරව අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.








