(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් අද (08) පෙරවරු 9.30 ට පැවැත්විමට නියමීත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
එළඹෙන සිකුරාදා (12) දිනයේ විවාදයට ගැනීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබදව මෙහිදි අවධානය යොමු කෙරෙන බව පැවසේ.
කෙසේ වෙතත් අදාළ පනත සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බැවින් එම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්විම පිළිබඳව අවධානය යොමු කෙරෙන බවද කියැවේ.








