FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා ළමුන් ලක්ෂයකට වැඩි පිරිසක් මත් රකුසාට ඇබ්බැහි වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා අවුරුදු 18 ට අඩු දරුවන් එක් ලක්ෂ 15,000 කට ආසන්න පිරිසක් හෙරොයින්, ගංජා, දුම්වැටි, මධ්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති බව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ ජාතික අධිකාරියේ උපදේශක වෛද්‍ය සමන්ත කිතලවාරාච්චි මහතා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය හා පොලීසිය ඒකාබද්ධව සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වූ බව ඔහු කියා සිටියේය.

දිවයින පුරා පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් හෙරොයින්වලටත් , තුන් ලක්ෂයකට අධික පිරිසක් ගංජා භාවිතයටත් ඇබ්බැහිවී ඇති බව එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතේ සිටින බවත් , මධ්‍යම හා වයඹ පළාත්වලද වැඩි වශයෙන් මේ තත්ත්වය දැක ගැත හැකි බවත් වෛද්‍ය සමන්ත කිතලවාරාච්චි මහතා සඳහන් කළේය.

මීට අමතරව පුද්ගලයින් 24,211 ක් විවිධ වර්ගයේ මත්පෙති භාවිතයට පෙළඹි ඇති බව ඔහු පෙන්වා දෙයි.

සමීක්ෂණයේ වාර්තාව පසුගිය දා ජනාධිපතිතුමා වෙත භාරදුන් බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.