FAST NEWS

24×7 Around the Globe

වසර 34 කට පසුව ශ්‍රී ලංකාවේ වර්ඵලය ගණනය කිරීමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වසර 34 කට පසුව ශ්‍රී ලංකාවේ වර්ඵලය ගණනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ලබන වසර මුලදී වර්ගඵලය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

දැනට ශ්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝමීටර 65,610 වන අතර එය අනාවරණ වී ඇත්තේ 1985 වසරේ සිදුකළ ගණනය කිරීමේදීයි.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව සම්බන්ධ කර ගනිමින් හම්බන්තොට වරාය , කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය වැනි ඉදිකිරීම් හේතුවෙන් මේ වන විට මෙරට භූමි සීමාවන් විවිධ වෙනස්කම්වලට ලක්විය.

නවීන තාක්ෂණය යොදාගනිමින් දේශීය මිනින්දෝරුවන් විසින් ශ්‍රී ලංකාවේ වර්ග ඵලය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මැනුම්පති එස් එම්. පී. පී. සංගක්කාර මහතා කියා සිටියේය.