FAST NEWS

24×7 Around the Globe

සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව අද විරෝධතාවයක

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව පවසයි.

අනතුරු දීමනාව සහ පැමිණීමේ දීමනාව ඉහළ නැංවීමට පියවර නොගතහොත් එම පියවර ගන්නා බවත් , ඊට සමගාමීව අද පෙරවරුවේ කෑම පැයේදී විරෝධතාවක්ද සංවිධාන කර ඇති බවත් එම සමිති එකමුතුවේ කැඳවුම්කරු එම්.කේ.එස්.කරුණාතිස්ස කියා සිටියේය.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල නව සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි උද්‍යානය සහ ගෝනපොල ගොවිපලේ සත්වෝද්‍යාන සේවකයින් සිය සේවා ස්ථාන ඉදිරිපිටට පැමිණ එම විරෝධතාවය සිදුකිරීමට නියමිතව තිබේ.