FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවට විරෝධය පළ කරන ‘‘පාද සටන’’කළුතරින් ගමන් ඇරඹෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන ‘‘පාද සටන’’ විරෝධතා පාගමන අද (07) කලුතර දිස්ත්‍රික්කයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

හෙට (08) පෙරවරුවේ යළිත් මොරටුවෙන් ගමන් ආම්භ කර පස්වරු 03 ට නුගේගොඩ එලිමහන් රංග පීඨය අසලට පැමිණ විරෝධතා රැලියක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සමගාමීව , පාස්කු ප්‍රහාර මාලාවට අදාලව රජයේ වගකීම් විරහිත භාවය ඇතුලු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම පාගමන පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියා සිටියේය.