(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් සබරගමුව පළාතේ හා ගාල්ල, මාතර හා කලුතර දිස්ත්‍රික්කවලට සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
නමුත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.
දැඩි උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල සිටීම , මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.








