(ෆාස්ට්නිව්ස්| කොළඹ) – පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 9.30 ට පැවැත්වෙන මෙම රැස්වීමේදී ලබන සිකුරාදා විවාදයට ගැනීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.
දැනට මෙම පනත සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බැවින් එම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීම පිළිබඳව මෙහිදී සාකච්ජාවට ලක් කිරීමට නියමිතය.
ඉඩම් විශේෂ විධිවිධාන පනත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබේ.








