(ෆාස්ට්නිව්ස්| කොළඹ) – භාවිත කරන ලද මෙට්ට තොගයක් සහිත කන්ටේනර් 65 ක් රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකය මගින් සිය භාරයට ගෙන තිබේ.
පෞද්ගලික සමාගමක් විසින් අදාළ මෙට්ට ඇතුළත් කන්ටේනර් මෙරටට ගෙන්වා ඇත්තේ බ්‍රිතාන්‍යයෙනි.
විදෙස් රටකින් මෙරටට ගෙන්වූ මේවා අපද්‍රව්‍ය ගණයට ගැනෙන ද්‍රව්‍ය බවට දැඩි ලෙස සැකකරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේය.
මේවායේ ඇතැම් ද්‍රව්‍ය පරිසරයට හානිකර ද්‍රව්‍ය පැවැතිය හැකි බවටද සැක කෙරේ.
මෙම කන්ටේනර් අතරින් කිහිපයක් ලබන සඳුදා විවෘත කර පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මීට පෙරද මෙට්ට ඇතුළත් කන්ටේනර් රථ තොගයක් මෙරටට ගෙන්වා ඇති අතර ඒවා රේගුවෙන් නිදහස් කර ඇති බව වාර්තා විය.








