(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි පෞද්ගලික ඉඩමක ඊයේ (04) පස්වරුවේ කිසියම් පිපිරීමක් සිදුවී ඇති අතර , මෙලෙස පුපුරා ගොස් ඇත්තේ කලකට ඉහත දී වළ දමා තිබූ යුද ටැංකි නාශක බිම් බෝම්බයක් විය හැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඉඩමේ හිමිකරු සහ තවත් පිරිසක් කෘෂිකාර්මික කටයුත්තක් සඳහා මෙම ඉඩම එළි පෙහෙළි කර තිබෙන අතර , පසුව කසල තොගය ඉඩමේ එක් පසෙක ගොඩ ගසා ගිනි තබා ඇති බවත් වාර්තා වෙයි.
පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව සහ මුල්ලියාවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.








