FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ධාවනය යථා තත්වයට

 

දුම්රිය සේවක වර්ජනය අවසන් වීමත් සමග දුම්රිය ධාවනය අද (05) පෙරවරු වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් වර්ජනය අවසන් කළ සේවකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් ඊයේ (04) රාත්‍රියේ සහ අද (05) උදෑසන අවලංගු කිරීමට සිදු වූ බවද සමාන්‍යාධීකාරීවරයා පැවසීය.

එහෙත් මේ වන විට සියලු සේවකයින් රාජකාරියට වාර්තා කර ඇති හෙයින් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බවත් ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.