FAST NEWS

24×7 Around the Globe

මඩකලපුව පොලිස් අවි පැහැර ගැනීමේ සිද්ධියට 04 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මඩකලපුව පුදූර් ප්‍රදේශයේදී රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රිවෝල්වර අවියක් හා එම පතරොම් 05 ක් පැහැරගෙන යෑමේ සිදුවීම සඳහා සැකකරුවන් 04 ක් ඊයේ (04) රාත්‍රීයේදි අත්අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

වාසුබාලා නිමලරාජ් නොහොත් නිම්මි (23), රාමයියා ලෙච්චුමනන් (55), සිවසංගර් දූෂාන්දන් (19) හා සිවානන්දරාජා පුරුසෝතමන් (19) යන සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධ අනෙක් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බවත් පැහැරගන්නා ලද රිවෝල්වර ගිනි අවිය සොයා මඩකලපුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පැවසේ.