FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු මේ අංකයට දැනුම් දෙන්න

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරියේ දී මත්ද්‍රව්‍ය තොරතුරු දැනුම්දීම සඳහා 1984 යන කෙටි අංකයට ඇමතීමෙන් තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එසේම , අද (05) සිට මසක පමණ කාලයක් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බවත් බීමත් රියදුරන් වරදකරුවන් බවට පත්වුවහොත් වැටලීම සිදුකළ නිලධාරීන්ට ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීට අමතරව , වැටලීම්වලදී අත්අඩංගුවට පත්වන රියදුරන් නිදහස් කර ගැනීම සඳහා පොලිසියට බලපෑම් සිදුකරන පුද්ගලයින් පිළිබඳව එම අවස්ථාවේදීම තොරතුරු සටහන් කරගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.