(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (05) දිනයේ සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ දෙපාර්මේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් , මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කීපයක පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක.
උතුරු සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 – 55 දක්වා තද සුළං ද, වයඹ පළාතේත් මාතර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 – 45 දක්වා තරමක් තද සුළං ද ඇති විය හැකි බවත් කාලගුණ දෙපාර්මේන්තුව වැඩිදුරටත් පැවසීය.








