(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (05) දිනයේ දී එක්දින ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව අද දිනයේ ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන්.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සඳහන් කළේ ඊයේ දිනයේදී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ හදිසි බිඳ වැටීමක් සිදුවූ බවත් , එය මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර අද දිනයේ පමණක් එක්දින ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව ක්‍රියාත්මක නොවන බවත් වැඩිදුරටත් කියා සිටියේය.








