FAST NEWS

24×7 Around the Globe

වෙඩි තැබීම සිදුකළ සෙබලා අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අක්මීමන උපනන්ද විදුහලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකුට එහි ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබලා විසින් වෙඩි තැබීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් අදාළ යුද හමුදා සෙබලා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකි.

යුද හමුදා සෙබලාගේ ගිනි අවිය උඳුරාගැනීමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.