(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට නියෝග ලබා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා අද( 04) පෙරවරුවේදී ජාතික රෝහලෙහි ගෙවන වාට්ටුවකට මාරු කර ඇති බව රෝහල් ප්රකාශකයෙකු පැවසීය.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු මේ වන විට ප්රතිකාර ලබන බවද පැවසේ.
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සිය රාජකාරී කටයුතු සිදු කිරිමේ නොසැලකිලිමත්විම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.








