(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පලාලි ගුවන් තොටුපළ ඉදිරියේදී අන්තර්ජාතික ගුවන්තොටක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
ඒ අනුව එය ඉදිරියේදී සිවිල් ගුවන් තොටුපළක් වශයෙන් පවත්වා ගෙන යන බවත් හෙතෙම කීය.
පලාලි ගුවන්තොටුපොළේ නවීකරණ කටයුතු සිවිල් ගුවන් සේවා අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සහය ඇතිව ලබන මස 05 දින ආරම්භ වන බවත්, ඒ අනුව මාස 2-3ක් ඇතුළත සංවර්ධන කටයුතු නිම කරන බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.








