(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නීත්‍යානූකූලව රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කරන බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂි නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍ය නිලධාරිවරයා රජයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට අද (04) කැඳවා ඇති බව එම කොමිසම කියයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවත්වාගෙන යන ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය සතු දේපලක් බව මේ වන විට කොමිසම හමුවේ සනාථ වී ඇත ඇති බවත්, එ හේතුවෙන් පැමිණිල්ල විභාගයට අදාළව සාක්ෂි විමසීමට නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍ය නිලධාරිවරයා කොමිසම හමුවට කැඳවා ඇති බව පැවසේ.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයාද අද (04) කොමිසම හමුවට කැඳවා ඇති බව පැවසේ.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණාවරණය සිසුන්ට ලබාදීමේදී සිදු ව ඇතැයි පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විභාග වන පැමිණිල්ලකට අදාළවෙ ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහු කැඳවා ඇති බව කොමිසම කියයි.
සුරක්ෂා රක්ෂණාවරණය සිසුන්ට ලබාදීමේදී රුපියල් මිලියන 2,300 ක මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි පවසමින් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම පැමීණිල්ල ගොනු කර තිබේ.
එසේම හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කළ තවත් පැමිණිල්ලකට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ වත්මන් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාව අද (04) ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි දැනුම් දී ඇති බවත් පැවසේ.








