FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය ධූර ලබා ගැනීම සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩු පක්ෂය නියෝජනය කරන් මුස්ලිම් මන්ත්‍රිවරුන්ට නැවත අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන බ්‍රහස්පතින්දා (11) පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්වීමට නියමීත බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම්. ෆවුසි මාධ්‍ය වෙත පැවසීය.

ඇමැතිකම් අත්හළ බොහෝ මන්ත්‍රිවරුන් තුළ යළි ඇමැතිකම් භාර ගැනීමේ වැඩි කැමැත්තක් නොමැති බවද හෙතෙම පැවසීය.

ඉදිරි මාස 3ක කාලයකින් පසුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත නිසා බොහෝ දෙනකු ඇමැතිකම් භාර නොගෙන එම කාලය තුළ ආණ්ඩුවට සහාය දෙමින් සිටිමට අපේක්ෂා කර ඇති බවද ෆවුසි මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.