FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ නැගණියගෙන් කල්මුණේ අධිකරණයට ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ නැගණිය වන නියාස් මදනියා ඇතුළු තිදෙනෙක්ගෙන් සයින්දමරුදු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ සහරාන්ට අයත් රුපියල් ලක්ෂ 20 ක මුදලක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඒ , කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදීයි.

සහරාන් හෂිම්ගේ නැගණිය වන නියාස් මදනියා සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන එම්. නියාස් නැමැති අයගෙන් මෙන්ම තවත් කාන්තාවකගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.